මෙතෙක් ලංකාව තුළ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වැනි විශාල සංවර්ධන ව්‍යාපෘති සිදු නොකෙරුණු හෙයින් ලංකාවේ සංවර්ධනය පසුගාමී වූ අතර අනිකුත් රටවල් ගත් කළ සංවර්ධනය උදෙසා එම ප්‍රතිපත්ති යහපත් ආකාරයට යොදවා ගෙන තම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කර ඇති බවත් 1989 න් පසු මේ වන තෙක් අවුරුදු 30 ක් යන තුරු ප්‍රධාන පෙළේ කිසිඳු ආර්ථික ප්‍රතිසංස්කරණයක් ලංකාව තුළ බිහි වී නොමැති බවද, මෙම වරාය නගර ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙහි ඇති කරන යම් යම් හොඳ ප්‍රතිසංස්කරණයන් රටේ ප්‍රතිසංස්කරණ වලට පරිවර්තනය කර ගත හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම, වරාය නගරය ඊට පමණක් නොව මුළු රටටන අනාගතයේ දිනෙක ආරෝපණය වන තත්ත්වයක් ඇති විය හැකි බව ද, එමඟින් ආසියාවේ ධනවත් රටක් වී හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළ අතර එතෙක් වරාය නගර සංකල්පය මෙරට පිහිටි ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන ඌණ සංවර්ධනයක් සහිත ප්‍රදේශ වලට ද ආදේශ කර ගැනීමට ද කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.