ගම්පහ දිස්ත්‍රික්කයේ බහුතර ජනතාව දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේම මුහුණ දුන් උග්‍ර පානීය ජල හිගය, සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට 2009 දී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, වර්තමාන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් විසින් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය සහිතව හඳුනා ගනු ලැබූ බස්නාගොඩ ජලාශ ඉදිකිරීම් ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය ඇතුළු මූලික කටයුතු 2015 වනවිට අවසන් කරනු ලැබුවද අනතුරුව බලයට පැමිණි යහපාලන රජයට එහි ඉදිකිරීම් කටයුතු නිසි පරිදි ආරම්භ කිරීමට එම වසර කිහිපය තුළම නොහැකි විය.
එමෙන්ම 2005/2010 "මහින්ද චින්තන" මෙන්ම 2019/2020 "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශණ තුල ප්‍රමුඛතාවය සහිතව සඳහන් කර තිබූ 2009 සිට වසර 12 කට ආසන්න කාලයක් විවිධ හේතු මත යටපත්ව තිබූ බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ඉදිරි වසරක කාලය තුල ඉදිකිරීම් නිම කොට සක්‍රීයත්වයට පත් කිරීමට උපදෙස් දුන් අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමගම ගම්පහ දිස්ත්‍රික් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලනු ලබයි.
අත්තනගල්ල රජ මහා විහාරාධිපති,මල්වතු මහ විහාරයේ මහෝපාධ්‍ය,ඇමරිකාවේ හූස්ටන් විහාරාධිපති මෙන්ම තායිවානයේ තේරවාද විහාරාධිපති ,සීනාදීසිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ,අන්‍ය පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ ආශිර්වාදය යටතේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සහන් ප්‍රදීප් විතාන,අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති, උප සභාපති ඇතුළු මහජන නියෝජිතයන් ද ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් ,වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග ව්‍යාපෘතිය සදහා ඉඩම් පරිත්‍යාග කල ගම්වැසියන් ඇතුළු ජනතාව ද සහභාගී වූහ