2015 ජනවාරි 8 වැනිදා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථා සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරික්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳව විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ලැබෙන නිර්දේශ ක්‍රියාත්මක කළද , පසුගිය රජය මෙන් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. දේශපාලඥයන්ට වඩා මෙරට රාජ්‍ය සේවකයන්ට එල්ල කළ පළිගැනීම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කරන බවත්, මෙම හඩ නැගීම සිදු කරන්නේ ඊට විරුද්ධව බවද සඳහන් කළේය.දේශපාලන පළිගැනීම්, රාජ්‍ය සේවකයන්ට මෙන්ම මහින්ද රාජපක්ෂ කඳවුරේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද සිදු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
FCID ආයතනය නීති විරෝධී ආයතනයක් බවත්,පසුගිය රජයේ දේශපාලන අවශ්‍යතාව මත එම ආයතනය පිහිට වූ බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම දූෂණ විරෝධී කමිටුවේ සිටියේ පසුගිය යහපාලන රජයේ අමාත්‍යවරු බවද පෙන්වා දුන්නේය.
එම අමාත්‍යවරු ඉතිහාසයේ කවරදාවත් නොවූ මත ප්‍රකාශ කිරීම් පාරල්ලිමේන්තුවේ සිදු කළ බව කී අමාත්‍යවරයා මෙම දූෂණ විරෝධී කමිටුවට මුවා වෙමින් දේශපාලන දඩයම සිදු කරන අතරම මහ බැංකු බැඳුම්කර වංචාව වැනි මහා පරිමාණ වංචා දුෂණ සිදු කළ බවද සඳහන් කළේය.