මෙම සාකච්චාවේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා දකුණු කොරියාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබදව තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කල අතර කොරියාව කොවිඩ් උවදුර ශ්‍රී ලංකාවෙන් මර්දන කිරීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදන බවද තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත දන්වන ලදී.
ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින දීර්ඝකාලීන මිතුදම මත කොරියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ඉතා අගය කරන බවත් ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඒ සඳහා විශේෂ ස්තුතියක් පිරිනමන බවද අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය.