පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම,යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත අක්තපත්‍ර පිළිගන්වයි

    අප්‍රේල් 23, 2021

    තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය,පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවති උත්සවයක දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසෝලේ මහත්මිය වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.

    ඉන් පසුව පැවති සංවාදය අතරතුර දී තානාපති ශානිකා හිරිඹුරේගම මැතිනිය යුනෙස්කෝව සමඟ සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ස්ථාවර ප්‍රගතිය පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ යුනෙස්කෝවේ අනුග්‍රහය යටතේ සලකා බැලිය හැකි වැදගත් සංස්කෘතික ස්ථාන කිහිපයක් ද පවතින බව ද එතුමිය සඳහන් කළාය.

    යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසෝලේ මහත්මිය සිය අදහස් දැක්වීමේ දී යුනෙස්කෝවේ අනුග්‍රහය යටතේ ගුරු සංවර්ධනය සඳහා දකුණු ආසියානු මධ්‍යස්ථානය (SACTD) ඇතුළු යුනෙස්කෝවේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය අගය කළාය.

    ඉදිරියේ දී යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya