පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ- මහජනතාව එකරාශිවන ස්ථාන හෝ මහජනතාව ගැවසෙන ස්ථානවලට ඒකරාශීවීමෙන් හැකිතාක් වළකින්න

    අප්‍රේල් 23, 2021

    පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ එළඹෙන සති අන්තයේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් එහෙත් පවතින අවධානම් තත්වය හමුවේ හැකිතාක් මහජනයා එක් රැස් වීමෙන් වැළකී,නිවසේ රැඳී සිටින්නැයි කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි:

    කොවිඩ් - 19 ව්‍යාප්තිය පාලනය පිළිබඳව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් යුධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.‍ තවද,එළඹෙන සතිඅන්තයේ විවිධ උත්සව,චාරිකා ආදිය සංවිධානය කර ඇත් නම් එම උත්සව පැවැත්වීමෙන් වළකින ලෙසද යුධ හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

     වැඩි දුරටත් අදහස්දක්වමින් යුධ හමුදාපතිවරයා පැවසුවේ, ඉදිරි දින කිහිපයේදී කොවිඩ් රෝගය වැළදුණු පිරිස් විශාල වශයෙන් සමාජයෙන් හමුවිය හැකි බවයි. එවැනි ප්‍රදේශ කිහිපයක් මේ වන විටත් හුදෙකලා කර ඇති බව පැවසූ යුධ හමුදාපතිවරයා අත්‍යවශ්‍ය හේතුවකට මිස මෙම දිස්ත්‍රික් අතර ගමන් කිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටියේය.

    සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයන් ප්‍රමාණය 150ත් 200ත් අතර සීමාවක පවත්වා කටයුතු කල බවත් එහෙත්, සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසානයත් සමග ක්‍රමයෙන් මෙම තත්වයේ වර්ධනය වීමක් දැකිය හැකි වූ බවද යුධ හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. සුළු ප්‍රමාණයක් මුව ආවරණ සහ අදාළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ බවද  අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරි යාම් ආදිය දැකිය හැකි වූ බවත්, පොදු ප්‍රවාහන මාධ්‍ය බහුලව භාවිතා වීම් සිදු වූ බවත් පෙන්වා දුන් හමුදාපතිවරයා, අසල්වැසි ඉන්දියාවේ දිනකට 322,000ට ආසන්න ප්‍රමාණයක් කොරෝනා රෝගින් හමුවන බවත් , විශාල ප්‍රමාණයක් මිය යන අවස්ථාවකට පත්ව ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

    කොවිඩ් වසංගතය හමුවේ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් මනා අවබෝධයක් මහජනයා සතුව පවතින්නේ යැයි පැවසූ  යුද හමුදාපතිවරයා, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya