කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය පිළිබඳව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ඉදිරි දින කිහිපයේ ආගමික උත්සව කිහිපයක් යෙදී ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේ ඒ සියල්ල නවතා දමන්නැයි තමා ඉල්ලා සිටින බවද කීවාය.
දැනට මෙරටින් හමු වී ඇති කොවිඩ් 19 වෛරස් ප්‍රභේදය,මෙතෙක් පැවති ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක් බවත් සුනාමියක් මෙන් ඉන්දියාවේ පැතිර යන වෛරස් ප්‍රභේදය ද යන්න සහ එය කුමන ප්‍රභේදයක්ද යන්න පරීක්ෂා කරමින් සිටින බව සඳහන් කළාය.
මෙම ප්‍රභේදයේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ දින 14 කට පමණ පසු බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. පළමු සහ දෙවන කොවිඩ් රැල්ලේ රට යම් ප්‍රගතියක් සහිතව කටයුතු කළ බව කී අමාත්‍යවරිය රට හිස ඔසවාගෙන එන මෙම මොහෝතේ අපගේ වගකීම් නිසි පරිදි ඉටු කරමින් කටයුතු කරන්නැයි අමාත්‍යවරිය ඉල්ලා සිටියාය.
ලෝකයත් සමග සංසන්දනය කිරීමේදී මහජනතාව දැක් වූ සහයෝගය හේතුවෙන් වසංගතය ජය ගැනීමට අපේ රටට හැකි වූ බව රජයක් වශයෙන් ජනතාවට ගරු කරන බවත් ජාතික වගකීමක් වශයෙන් මෙම වගකීම ඉටු කිරීමට සහය වූ බව කීවාය.
නිරන්තර සාකච්ඡා පවත්වමින් අවශ්‍ය රෝහල් පහසුකම්,දැඩි සත්කාර ඒකක,සෞඛ්‍ය කාර්යමණ්ඩලය,ඔක්සිජන් ඇතුළු සියල්ල සඳහා රජය සූදානම් බවද අමාත්‍යවරිය සඳහන් කළාය.