පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    එළඹෙන සති දෙක තීරණාත්මකයි- අනවශ්‍ය ගමන්බිමන් සහ උත්සව සම්භාෂණ නතර කර, සහාය ලබාදෙන්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අප්‍රේල් 23, 2021

    එළඹෙන සති දෙක තීරණාත්මක වන බැවින් අනවශ්‍ය ගමන්බිමන් සහ උත්සව සම්භාෂණ නතර කර සහාය ලබාදෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    ඔහු මෙලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ අද (23) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අවුරුදු සමයේ මෙරට ජනතාව එක්රුස්වීම් සහ සාප්පු සවාරි යාම සිදුකිරීම හේතුවෙන් ඉදිරියේදී කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ යා හැකි බවත්, ඉන්දියාවේද වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය අනූව ඔක්සිජන්, රෝහල් දැඩිසත්කාර පහසුකම් ආදිය ප්‍රමාණවත් වී නොමැති බැවින් මහජනතාව වගකීමකින් තොරව කටයුතු කරමින් අප රටෙහිද එවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් අදාල පහසුකම් ලබාදිය හැකි ධාරිතාවයෙහි සීමා ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂයෙන් අවධාරණය කළේය.

    මින් පෙර පැවති ප්‍රභේද වලදී 90% - 95% පමණ දෙනෙකු හට රෝග ලක්ෂණ නොපෙන්නුවද නව ප්‍රභේදයෙහි රෝග ලක්ෂණ පෙන්වීම වැඩි බවත්, තරුණ ප්‍රජාවට රෝගය සෑදීමේ ප්‍රවනතාවය ඉහළ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

    මෙහිදී අනවශ්‍ය ලෙස නීති රීති පැනවීමක් සිදු නොකරන බවද, ජනතාව විසින් සිතා බලා සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    එළඹෙන සති අන්තයේදී තමන් හට අත්‍යවශ්‍ය දෙයකට පමණක් නිවසින් එළියට යාමට කටයුතු කරන ලෙසත්, රටේ සමස්ථ ජනතාවගේ යහපත වෙනුවෙන් අනවශ්‍ය ඒකරාශීවීම් වලින් වැළකී නිවැරදිව මුව ආවරණ පළදිමින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙසත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

    ඉදිරියේදී රටේ පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගත යුතු බවද, රටේ ජනතාවට නිදහස භුක්තිවිදීමට ජනතාවගේ එන්නත්කරණය අවසන් වන තුරු තව කාලයක් ඉවසිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    කොවිඩ් 19 නව ප්‍රබේදයෙහි රෝගීන් අවම කරගැනීම සදහා අවැසි පූර්ණ සහාය ලබාදීමට කටයුතු කරන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya