පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න- එන්නත් ලබා ගත්තා වුවද නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාම වැදගත්

    අප්‍රේල් 23, 2021

    නිවැරදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එන්නත් ලබා ගත්තා වුවද නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාම වැදගත් බවත් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවැති කොවිඩ් -19 තත්ත්වය සම්බන්ධව දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා සඳහන් ක‍ළේ,ජනවාරි 29 දින ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනිකා එන්නත් ගෙන්වනු ලැබු අතර ඉන් එන්නත් 5,24,000ක ප්‍රමාණයක් බස්නාහිර පළාතට ලබා දුන් බවයි. එසේම මෙහි දෙවන මාත්‍රාව සති 12-16ත් අතර කාල සීමාවක් අතරතුර ලබා  දීමට කටයුතු කරන අතර එහි දෙවන මාත්‍රාව  මැයි මස 01 වන දින සිට ලබා දීමට කටයුතු කරන බව ද කීය.

    එසේම දැනට ඉන්දියාවේ පවතින  තත්ත්වය හමුවේ ඉතිරි එන්නත්  ඇණවුම යම් ප්‍රමාදවිමේ තත්ත්වයක් ඇති වුවත් එන්නත් වෙනත් රටවල් වලින් ලබා ගැනීමට අවධානය යොමු වු බව ද, ඒ යටතේ,චින ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන සයිනෝෆාම් මාත්‍රාව ලක්ෂ 06 ක ප්‍රමාණයක් ලබා දී ඇති අතර ඉන් 6000කට ආසන්න ප්‍රමාණයක් චින ජාතිකයින්ට ලබා දිමට පියවර ගත් බවද කීය.

    එසේම සයිනෝෆාම් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනුමැතිය ලබා දුනහොත් එම එන්නත් ප්‍රමාණය භාවිත කළ හැකි බව ද ලලිත් වීරතුංග මහතා පැවසීය.

    එසේම ඉදිරියේ දී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලබා  ගැනීමටද පියවර ගන්නා බව ද කෙසේ වුවද ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව පළමුව ලබා දුන් සියලු පුද්ගලයින්ට අනිවාර්යෙන්ම ලබා දීමට කටයුතු කරන බවද ලිලිත් වීරතුංග මහතා කිය.

    කෙසේ වුවද එන්නත් ලබා ගත්තා වුවද නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිම ඉතාම වැදගත් බවත් එන්නත ලබා ගැනීමෙන් යම් සහායක් අපට ලැබෙන බවත් ලලිත් වීරතුංග සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya