ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය වෙනුවෙන් සහ මණ්ඩලයේ සමස්ත සේවකයින් වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රශස්ත වැඩ පිළිවෙළ ඇගයීමට ලක්කරමින් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ වෘත්තීය සමිති මැදිහත් වීමෙන් දිවයින පුරා සේවය කරනු ලබන ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් ඉරිදා දිනයක්, දිනක වැටුප සහ අතිකාල දීමනා නොමැතිව, ස්වෙච්ඡාවෙන් තම ශ්‍රමදායකත්වය ලබා දීමට කැමැත්ත ප්‍රකාශකොට ඇත.
එහි පළමු පියවර හැටියට ජල සම්පාදන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාල වල යම් හේතූන් මත මගහැරී ගිය හා අතපසු වූ කාර්යයන් එම සේවකයින් යොදවා සිදු කිරීමට 2021.04.25 වන ඉරිදා දිනයේදී කටයුතු කරයි.
එදිනම ජල සම්පාදන මණ්ඩලයේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ වාහන නඩත්තු අංශයේ සේවක මහතුන්ද මීට සමගාමීව වාහන නඩත්තු කටයුතු සඳහා ස්වෙච්ඡාවෙන් තම ශ්‍රමදායකත්වය ලබා දීමට කටයුතු කරයි.