පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිකුණාමලයට අත්‍යවශ්‍ය කාරණාවකට හැර සංචාරය කිරීමෙන් වළකින්න- නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

    අප්‍රේල් 24, 2021

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍යය අංශ හදුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

    මාර්ග බාධක පනවමින් ජනතාව අත්‍යවශ්‍යය කාරණාවකට හැර සෙසු ගමන්බිමන් වල නිරත වීම වළක්වන්නැයි ද ආණ්ඩුකාරවරිය (23) පෙරවරුවේ ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

    මේ අතර ඉදිරි කාලය තුළ ත්‍රිකුණාමලය නගරයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නාය. නිරෝධානය පනත උල්ලංඝනය කරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියාය.

    දැනට වකුගඩු රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා වී ඇති ගෝමරන්කඩවල සහ පදවි ශ්‍රී පුර යන ප්‍රදේශවලින් ත්‍රිකුණාමලයට පැමිණෙන ජනතාව හැකිතාක් සීමා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරිය අදාළ බලධාරින්ට උපදෙස් දුන්නාය. වකුගඩු රෝගින්ට කෝවිඩ්-19 ආසාදනය වීම ඉතා ඉක්මනින් සිදු වන බවට සෞඛ්‍යය අංශ ආනාවරණය කරගෙන ඇති හෙයින් ආණ්ඩුකාරවරිය මෙම පියවරයන් ගැනීමට හේතුව වි තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya