පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වසංගතය හමුවේ වුවද ජනතාවට විශේෂ සහන ලබාදීමට කටයුතු කළා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    අප්‍රේල් 24, 2021

    කොවිඩ් වසංගතය හමුවේ, සැපයුම් ක්‍රියාවළිය කඩා වැටී තිබූ මොහොතක වුවද, සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට විශේෂ සහන ලබා දීමට රජය කටයුතු කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ලංකා සතොස හරහා , අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලට ලබා දුන් බව පෙන්වා දුන් වෙළෙඳ අමාත්‍යවරයා , රජය මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට ඇතැම් පිරිස් විවිධ චෝදනා එල්ල කරන බවද සඳහන් කළේය.

    තවද සතොස අලෙවිසැල් මගින් දේශීය මුව ආවරණ අලෙවි කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, වෙළෙඳපොළේ රුපියල් 50ක් වැනි මිලට අලෙවි වූ මුව ආවරණ වෙනුවට , Sළ්S ලාංඡනය සහිත දාස සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදිත මුව ආවරණ රුපියල් 14ක් වැනි මිලකට ලබා දුන් බවද කීය. එහෙත් දේශීය ව්‍යාපාරයක් වන දාස සමූහව්‍යාපාරයට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන්ද එම ආයතනයද පැමිණිල්ලක් එල්ල කර ඇතැයි කී අමාත්‍යවරයා තම නිෂ්පාදනයන්ට කළ අපකීර්තිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවද කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya