2019 අප්‍රේල් 21 දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරනු ලැබූ බවත් එම ප්‍රහාරයේ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල දීම, සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සොහොයුරා අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ විමර්ශන සිදු කෙරෙනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.