මෙහිදී ප්‍රධාන වශයෙන් රටපුරා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රශ්නයක්ව පවතින ප්‍රාථමික සෞඛ්‍ය සේවා ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව අවධානය යොමු විය. එහිදී දැනට ස්ථාපිතවී තිබෙන ග්‍රාමීය රෝහල්වල තිබෙන භෞතික සම්පත් ලෙස ගැනෙන ගොඩනැගිලි හා වෛද්‍ය උපකරණ වල පවතින අඩුපාඩු පිළිබඳවත් එම ග්‍රාමීය රෝහල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් හා කාර්යය මණ්ඩල ලබාදීම පිළිබඳවත් සාකච්ජා විය.
මෙහිදී වෛද්‍යවරුන්ගේ හිඟය මඟ හැරීම සඳහා ඉදිරි දෙමස තුළ දී පත්වීම් ලබන වෛද්‍යවරුන් 1600 ක කණ්ඩායමෙන් අවශ්‍යතාවය මත එම රෝහල් වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමටද අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බව මෙහිදී හෙළිවිය.
එමෙන්ම මෙම රෝහල් වල පවතින භෞතික සම්පත් හිඟය මඟහැරීමට අමාත්‍යංශ ප්‍රතිපාදන වලට අමතරව ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු සහන ණය ආධාර මත වැඩසටහන් සැකසීම ද මේ වන විට ක්‍රියාත්මක කොට ඇත.
එමෙන්ම බෝ නොවන රෝග පාලනය කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් අමාත්‍යංශය මගින් ආරම්භ කොට ඇත.
මෙම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කර ගැනීමට විශාල බාධාවක් ලෙස දැනට පවතින කොරෝනා උවදුර හේතු සාධක වුවත් එයට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලාංකික ජනතාවගේ දෛනික සෞඛ්‍ය ප්‍රශ්න විසදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙලක් මේවන විට සකස් කර ඇති බවද මෙහිදී හෙළිවිය. මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදීමට පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් හා අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී විය.