අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ, අප්‍රේල් 30 වනදා දක්වා එම තීරණය ක්‍රියාත්මක බවය.
දිවයිනේ සෙසු පළාත්වල පන්ති පැවැත්වීමේ වෙනසක් සිදු නොවන බවත්, වෙනසක් වෙනවා නම් ඒ පිළිබඳව දැනුම් දෙන බවත් කී අමාත්‍යවරයා, සෑම විටම සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදීම අතිශය වැදගත් බවද පැවසීය.