මොරගහකන්ද - කළුගඟ යෝජනා ක්‍රමය සදහා තම පාරම්පරික ඉඩම් පරිත්‍යාග කර ඒ අනුව නැවත පදිංචි කරනු ලැබූ පවුල් 3000 න් අවසාන වශයෙන් ඉතිරිව සිටි පවුල් 1300 ක් සදහා අවශ්‍ය වාරි ජල පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.
2005 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඇතුළත් ව තිබූ මොරගහකන්ද බහුකාර්‍ය සංවර්ධන යෝජනා ක්‍රමය ඇතුළු දැවැන්ත වාරි යෝජනා ක්‍රම 6 ක් තම ධූර කාලය තුළ ක්‍රියාත්මක කරන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනතාව හමුවේ දුන් ප්‍රතිඥාව අනුව 2007 දී එතුමා විසින් එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර 2014 දී ප්‍රධාන ජලාශ ඉදිකිරීමද අරඹන ලදී.
2017 දී ඉදිකිරීම් අවසන් කොට ජලය ගබඩා කිරීම ඇරඹූ අතර සමස්ථ ව්‍යාපෘතියෙන් කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ දකුණු ඉවුර ඇල ව්‍යාපෘතිය සදහා පමණක් රුපියල් මිලියන 2500 ක් වැය කොට තිබේ.
වාරිමාර්ග අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන "වාරි සෞභාග්‍යයා" ජාතික වැඩසටහන යටතේ අක්‍රීයත්වයට සහ අතරමග ඇනහිට ඇති සියලු වාරිමාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමේ වැඩ පිළිවෙල යටතේ ප්‍රමුඛත්වය දෙන ලද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ සියලු පහසුකම් සහිත නවීන නගරයක් ලග්ගල වාසීන්ට ලැබුණි.
සියලු වාරි කෘෂි වැඩ සටහන් හරහා ජාතික ආහාර නිෂ්පාදනය සහ සුරක්ෂිතතාවය තහවුරු කරන බවට "සෞභාග්‍යයේ දැක්ම" තූලින් දුන් ප්‍රතිඥාව සවිබල ගන්වන කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ දකුණු ඉවුර මංගල දියවර නිකුත් කිරීමේ උත්සව අවස්ථාව සදහා මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ, ලග්ගල ආසන සංවිධායක තිලක් බණ්ඩාර, ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශීය සභා සභාපතිවරු,මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්,ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සමග ප්‍රදේශයේ ජනතාවද සහභාගී වී සිටියහ.