මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා 27 දින (අද) මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, ඉකුත් ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 3755ක් බවත්, මෙයින් වැඩි පිරිසක් ක්‍රියාත්මක වන්නේ කලුතර ප්‍රදේශයෙන් බවත් මෙම අත්අඩංගුවට ගත් පිරිස අතරින් බහුතරයක් බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගත් බවත්ය.
මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් 3600කට පමණ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම මෙහෙයුම අද පැය 24 පුරාවට ක්‍රියාත්මක බවත්, දීර්ඝ සති අන්තයකින් පසුව සතිය ආරම්භ වන අද දිනයේදී රැකියාවට යන සියලු දෙනාම සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණය කරගන්නා ලෙසත්, නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේ ය.