බූස්ස බන්ධනාගාරයේ මේ වන විට විශේෂ ආරක්ෂාව සැපයිය යුතු සිර සැකකරුවන් හැත්තෑ හය දෙනෙකුගෙන් සමන්විත ප්‍රමාණයක් රඳවා ඇති අතර මෙහි ස්ථාපිත අධි ආරක්ෂිත කලාපය තුළ මුල් අදියර යටතේ රැඳවියන් හතළිස් හය දෙනෙකු රැඳවා ඇත.
චන්දන මහතා වැඩිදුරටත් පැවසූවේ මෑතකදී ඉදිකරනු ලැබූ සිර මැදිරි තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකල්ලි සාමාජිකයින් ලෙසට විශේෂයෙන් හඳුනා ගත් ජාවාරම්කරුවන් තිස් දෙනෙකු රඳවා ඇති බවත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස ක්‍රියාත්මක වන මෙහි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අපරාධකරුවන් රඳවා සිටින බැවින් බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව යටතේ පාලනය වන බවත්, දවසේ පැය විසි හතර පුරාම ක්‍රියාත්මක දුරකතන පද්ධතියකින්ද, CCTV කැමරා පද්ධතියකින්ද සමන්විත බව පැවසීය.