මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ ත්‍රිකුණාමලය කලාපයට අයත් සියලු පාසැල් ද මේ වන විටත් වසා දමා තිබේ
කොරෝනා රෝගය පාලනය කිරීමේ අරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්,අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපයට අයත් සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර අදාළ බලධාරීන්ට නියෝග කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසයි.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්රික්කයේ ත්‍රිකුණාමලය කලාපයට අයත් සියලු පාසැල් ද මේ වන විටත් වසා දමා තිබේ