වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාවසායකයින් දිරි ගැන්වීම හා නිෂ්පාදන රටාව වැඩි කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කරන බවය.එසේම යම් ණය මුදලක් ලබා ගැනීමට යාමේ දී බැංකු මඟින් එම ණය මුදලට ඇපයක් තැබීමට සිදු වීම ද මෙම ව්‍යාවායකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර වේ.ඒ හේතුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ජාතික ණය සුරැකුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරිමටත්,මහා බැංක්ව හා මුදල් අමාත්‍යාංශය යටතේ ආවරණය වන මුල්‍ය ආයතනයන්ට මෙම ඒකකය හරහා සහතියක් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
බැංකුවට ගිය විට ව්‍යාවසායකයින්ට මුහුණු පෑමට සිදු වන පීඩනය අවම කර ගැනීම සඳහා මෙම ආයතනය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන්නේ,එම ආයතනය හරහා සුළු පහා මධ්‍ය පරිමාණයේ ව්‍යාවසායකයින් ලබා ගන්නා ණය මුදලට යම් ආවරණයක් ලබා දීම මෙමඟින් සිදුවෙයි.