පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 14කට වසා දැමුව ද කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එය බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දෙනු ලැබීය.
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් අමාත්‍යාංශයට කැඳවා පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දුනි.
ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීතිරීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත්, ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා ලෙසත් මෙහිදී අමාත්‍යවරුන් අවධාරණය කළේ ය.
දඹුල්ල වසා දැමීමෙන් ගොවි නිෂ්පාදන අලෙවියට අපහසුතා මතු නොවන පරිදි වෙනත් ආර්ථික මධ්‍යස්ථාන හා විකල්ප ක්‍රම යොදන ලෙසද අදාළ නිලධාරීන් මෙහිදී දැනුවත් කළහ.
ආර්ථික මධ්‍යස්ථානවලට උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ උෂ්ණත්වමාන ඇතුළු අවශ්‍ය උපකරණ වහාම ලබාදෙන ලෙසද මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දෙනු ලැබීය. දඹුල්ල වසා දැමීම හෝ කොවිඩ් තත්ත්වය හමුවේ ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රියාවලියට කිසිදු අවහිරයක් සිදු නොවිය යුතු බවත්, එමෙන්ම එළවළු හා පලතුරු මිල ඉහළ දැමීම කිසිසේත් සිදු නොවිය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
වෙළඳ සංගම්වල සෘජු මැදිහත්වීම මේ සඳහා අවශ්‍ය බවත්, ඊට අවශ්‍ය වැඩපිළිවෙල වෙළඳ සංගම් හා ආර්ථික මධ්‍යස්ථානවල කලමනාකාරීත්වය එක්ව ක්‍රියාවට නැංවිය යුතු බවත් අමාත්‍යවරුන් මෙහිදී උපදෙස් ලබා දුනි.
පවතින තත්ත්වය හමුවේ ගොවියාත්, පාරිභෝගිකයාත් දෙදෙනාම අපහසුතාවයට පත්නොකිරීමට සියලු ආර්ථික මධ්‍යස්ථානවල කලමනාකරුවන් හා වෙළඳ සංගම් විධිමත්ව, සෞඛ්‍ය සම්පන්නව, වගකීමෙන් ඉටුකළ යුතු බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ ය.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් අනිල් විජේසිරි ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ සංගම් නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී විය.