කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලින් මෙරටට සම්ප්‍රාප්ත වූ ඒ මහතා, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී,යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශයේ ඉහළ නිළධාරීහූ පිරිසක් විසින් පිළිගනූ ලැබූහ.
අද දින (අප්‍රේල් 28 ) රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කීපයකට සහභාගීවීමට නියමිත අතර මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත. ඒ මහතා අප්‍රේල් 29 වන දින පෙරවරුවේ නැවත සිය මව් රට බලා යාමට නියමිතයි.