ඔහු මේ බව පැවසුවේ අද දින (28) ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයෙහි පැවති තිරසාර සංවර්ධන සංවාදය නැමති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පරිසරය යන්නට අද ලෝකයේ ඉහල තැනක් ලැබී ඇති බවද, ඒ අනූව පරිසරය පිළිබද ලෝකයේ බොහෝ රට වල අවදානය යොමු කරමින් නිරන්තර කතා බහට ලක්වන බවද අමාත්‍යවරයා පැවසුවේය.
ජනාධිපතිතුමන්ද පරිසරය කියන සංවේදී කාරණය සම්බන්ධයෙන් නිරන්තර අධ්‍යයනයන් සිදුකර ඒ සම්බන්ධව ඇති වන යෝජනා චෝදනා සියල්ල ඉතා උපේක්ෂාවෙන් විශ්ලේෂණය කරමින් අවශ්‍ය කටයුතු අවශ්‍ය ප්‍රමාණයට සිදුකරන බවද ඔහු පැවසුවේය.
රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සදහා ජනතාවට ඇති අයිතිය සහතික කිරීමට කටයුතු කළ යුතුය යන ලෙස ප්‍රසිද්ධ කියමනක් ඇති බවද, ඒ අනූව රජය වල් නාශක පළිබෝධ නාශක සදහා අති විශාල වියදමක් දරන අතර ඉදිරියේදී රසායනික පොහොර සහ කෘමි නාශක භාවිතයෙන් වැවිළි ක්ෂේත්‍රය මුදාගැනීමට ක්‍රියා කරන බවද ඔහු කියා සිටියේය.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජෛව විවිධත්වය සුරැකීමට කටයුතු කරමින්, රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක භාවිතය ඉවත් කිරීමට පියවර ගැනීම, කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම, පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති ඇති කිරීම,කටුපොල් වගාව ක්‍රමයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම, සමෘද්ධිලාභීන්ගේ නේවාසික ඉඩම් ඵලදියී ලෙස යොදා ගනිමින් වගාවන් දියුණු කිරීමට කටයුතු කිරීම, වන ගණත්වය වැඩි කිරීමට කටයුතු කිරීම,ජාතික යටිතල පහසුකම් සංවර්ධනය, නාගරික නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී වැසි ජලය නැවත භාවිතා කළ හැකි පරිදි ක්‍රමවේදයක් සැකසීම සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම ආදී පරිසර හිතකාමී යෝජනා රැසක් ඊයේ දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් අනුමැතිය ලබාගත් බව ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.