පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    නගර 100 සංවර්ධන වැඩසටහන යටතේ ඇහැලිගොඩ, කුරුවිට, පැල්මඩුල්ල නගර සංවර්ධනයට පියවර

    අප්‍රේල් 29, 2021

    රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ නගර 100 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ වන විට රජය ක්‍රියාත්මක කර ඇත.

    මෙම වැඩපිලිවෙළ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නාගරික තදබදයක් පවතින ඇහැළියගොඩ, කුරුවිට‌, පැල්මඩුල්ල නගර සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් පෙරේරා මහතාගේ සහ එම අධිකාරියේ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් (28) දින බත්තරමුල්ල නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවැත්විණි.

    එම සාකච්ඡාවට අනුව ඇහැළියගොඩ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස රුපියල් මිලියන 350 ක වියදමින් ඉදිවෙමින් පවතින කිලෝමිටර් 2.2 ක දුරකින් යුත් විකල්ප මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබදවත්, ඉදිවෙමින් පවතින මහජන ක්‍රීඩාංගණයේ වැඩකටයුතු කඩිනමින් නිම කිරීම පිළිබදවත් සාකච්ඡා කරන ලද අතර, මේ වසරේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, වාණිජ සංවර්ධන ප්‍රදේශ, සම්මන්ත්‍රණ ශාලාව සහ රංග ශාලාව, විවේක දූපත සහ බෝට්ටු අංගනය, නවීන හෝටල් සංකීර්ණය, නිවාස යෝජනා ක්‍රමය, නව බස් නැවතුම්පල, රථවාහන අංගනය, යන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීම පිළිබදව ද සාකච්ඡා විය.

    පැල්මඩුල්ල නගර සංවර්ධනය යටතේ පැල්මඩුල්ල නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස කිලෝමිටර් 2.2 ක දුරකින් යුත් රුපියල් මිලියන 75 ක වියදමින් ඉදිකිරීමට නියමිත විකල්ප මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරිම පිළිබදවත්, නව බස් නැවතුම්පල ඉදිකිරිම පිළිබදවත් සාකච්ඡා විය.

    කුරුවිට නගර සංවර්ධනය යටතේ රුපියල් මිලියන 150 ක වියදමකින් ක්‍රියාත්මක කිරීමට මහජන සුරැකුම් සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිම පිළිබදවත් මෙහිදී සාකච්ඡා විය.

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය රංජිත් බණ්ඩාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් ප්‍රේමරත්න, කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමරත්න මල්කැකුළ, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya