රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (29 දින) පැවති තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, වැනි ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කර අධීකරණ ක්‍රියා මාර්ග ගන්නා බවයි. පවතින කොවිඩ් තත්වයට මුවාවී දැව ජාවාරම හා අනවසර වැලි ජාවාරම වැනි නීති විරෝධි කටයුතු ඇතැම් පුද්ගලයන් කටයුතු කළ නමුත් පොලිස් දෙපාර්තමේන්තුව නිරන්තර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ බවත්, පවත්නා කොවිඩ් තත්වය යටතේ නිලධාරීන් වැඩි පිරිසක් කොවිඩ් කටයුතුවලට සහභාගී වී තිබුනද නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලිසිය දක්වන අවධානය පෙර පරිදිම පවත්වාගෙන යන බවත්, නීතිඥ අජිත් රෝහණ මහතා තවදුරටත් පැවසීය.
1997 යන අංකය යටතේ දුරකතන අංකයක් පරිසර අපරාධ හා පුරාවස්තු විනාශ කිරීම වාර්තා කිරීම සඳහා නිරන්තරයෙන් ක්‍රියාත්මක බවත්, ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව
සහතික වන බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
වැලි කැනීම වැනි කටයුතු සිදු කරන පිරිස් ඒ සම්බන්ධයෙන් නිසි බලපත් ලබාගතයුතු බවත් ඊට පටහැනිව කටයුතු කරන්නේ නම් එම කටයුතු සිදුකරන පිරිස් මෙන්ම ඔවුන් යොදාගන්න උපකරණ ආම්පන්නද අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.