ධීවර අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයක් (30 දින) නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
ශ්‍රී ලංකාව තුළද කොරෝනා ව්‍යාප්තිය වැඩිවී ඇති බවත්, උතුරේ ධීවර ජනතාවගේ ඥාතීන් හා හිතවතුන් විශාල වශයෙන් ඉන්දියාව තුළ වාසය කිරීම හේතුවෙන් ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් මුහුදු සීමාවේදී ඉන්දීය ධිවරයින් සමඟ සබඳතා පැවැත්වීම, ගනුදෙනු හා භාණ්ඩ හුවමාරු කර ගැනීම සිදුවන බවත්, ඉන්දියාවේ සිට නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමට ධීවරයන් යොමුව ඇති අවස්ථා පවතින බවත්, එවැනි කටයුතු වලින් ඈත් වී සෞඛ්‍යාරක්ෂිත ලෙස ධීවර කටයුතු වල නිරත විමෙන් ධීවරයින්ගේ ආරක්ෂාව සලසා ගැනීමට හැකියාවක් ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.