අදාළ වෘත්තීන් සඳහා බඳවාගත් සුදුසුකම් සහිත රැකියාලාභියකුගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව වන්නේ රුපියල් තුන්ලක්ෂ පනස් දහසකි (රු 350,000) පමණි.
රැකියා ලාභියකුගෙන් අයකල හැකි උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අයකිරිම නීති විරෝධි වන අතර වැඩිපුර මුදල් අයකර කරන රැකියා නියෝජිතයන්ට එරෙහිව නිතිමය පියවර ගෙන ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනිමට අවසර ලබා දි ඇති බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන ලේඛණය කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිවේ. එසේම නියමිත ගාස්තුවට වඩා මුදල් අයකරන රැකියා නියෝජිතායතන පිළිබඳව පැමිණිළි කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112864118 හෝ 2864241 දුරකථනයට දැනුම් දිය හැක.