පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    මැයි 07වන දා තෙක් පාසල් වසා තැබේ- මාර්ග ගත අධ්‍යාපනය ක්‍රියාත්මකයි- අධ්‍යාපන අමාත්‍ය

    මැයි 01, 2021

     

     

     

    මැයි 07වන දින තෙක් පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
    අද(01) කොළඹ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බැව් පැවසී ය.
    පවතින කොවිඩ් උවදුර හේතුවෙන් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පාසල තුළ සිදු කිරීමෙන් වැළකී සිටින්නට සෞඛ්‍ය අංශ මඟින් ලබා දුන් උපදෙස් පරිදි මේ මස 03වන දින සිට 07වන දින තෙක් පන්ති නොපැවැත්වුව ද එම කටයුතු මාර්ගගත ක්‍රම මඟින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය. එමෙන් ම මැයි මස 10වන දිනයෙන් පටන් ගන්නා සතියේ පන්ති පැවැත්වීම පිළිබඳ තීරණය එදිනට ප්‍රකාශයට පත් කරන බව ද සඳහන් කළේ ය.
    එමෙන් ම ඊ තක්සලාව, ගුරුගෙදර වැනි වැඩසටහන් දුවා දරුවන් වෙනුවෙන් බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවත් පාසල් විවෘත වූ පසු ද එම වැඩසටහන් ඒ ආකාරයයෙන් ම පවත්වාගෙන යන බව ද පැවසූ අමාත්‍යවරයා විෂය මාලා සම්පූර්ණ කිරීම පිණිස අගෝස්තු නිවාඩුව හැකිතාක් කෙටි කිරීමට සිදුවන බව ද වැඩිදුරටත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya