මේ අනුව තානාපති මහාචාර්ය ලමාවංශ මහතා උස්බෙකිස්තාන් ජනරජයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සිඩිකොව් ෆුර්කාට් මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සංවාදයේ දී ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ මාතෘකා - උස්බෙකිස්තානය සමඟ පවතින මිත්‍රත්වය පිළිබඳ ද්විපාර්ශ්වික හා ජාත්‍යන්තර තලයේ සබඳතා සහ දෙරට අතර අන්තර් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද සලකා බලන ලදී.
මෙම රැස්වීමට උස්බෙකිස්ථාන් පාර්ශ්වයෙන්, විදේශ අමාත්‍යාංශයේ දකුණු ආසියාව, මැදපෙරදිග හා අප්‍රිකාව යන රටවල් අධීක්ෂණය කරන ප්‍රධානී එෂොනොව් මහතා, දකුණු ආසියා අංශයේ ප්‍රධානී බී. ෂරිපොව් මහතා සහ කානාපති කාර්යාල පාර්ශ්වයෙන් පළමු ලේකම් නිරෝෂා හෙරත් මහත්මිය සහ තානාපතිවරයාගේ පෞද්ගලික සහායක ඔලෙස්යා රොමානෝවා මහත්මිය සහභාගී වූහ.
උස්බෙකිස්තාන් ජනරජයේ උසස් හා ද්විතීයික විශේෂිත අධ්‍යාපන අමාත්‍යාංශයේ දී තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මහතා ජාත්‍යන්තර සහයෝගීතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය අමාත්‍ය උසොක්බෝයි බෙගිම්කුලොව් මහතා සහ ටෂ්කන්ට් හි රාජ්‍ය පෙරදිග අධ්‍යයන විශ්වවිද්‍යාලයේ නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.
පාර්ශවයන් දෙරටේ අධ්‍යාපන ක්‍රම පිළිබඳව විස්තර කළ අතර, වෘත්තීය පුහුණුව, කෙටිකාලීන පාඨමාලා, විශ්වවිද්‍යාල අතර සබඳතා ඇති කර ගැනීම සහ ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති යන අංශවල සහයෝගීතාවයේ අපේක්ෂාවන් පිළිබඳව සාකච්ඡා කළහ.
තානාපතිවරයා ආයෝජන හා විදේශ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය කුඩ්රටොව් මහතා හමුවිය. වෙළඳ, කෘෂිකාර්මික, තාක්‍ෂණය සහ ආයෝජන ඇතුළු විවිධ ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳභාවිතයට නොගත් හැකියාව පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
තානාපති කාර්යාල නියෝජිත පිරිස අලුතින් පිහිටුවන ලද සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ගොස් ජාත්‍යන්තර කටයුතු හා සන්ධාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාදිරා බර්ඩිමුරටෝවා මහත්මිය, අලෙවිකරණ අංශ ප්‍රධානී අසීස් මිර්ඩ්ජලිලොව් මහතා සහ උස්බෙකිස්තානයේ ප්‍රමුඛ සංචාරක මෙහෙයුම්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්වූහ.
තානාපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම උස්බෙකිස්තාන් ජනරජයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය. දෙරටේ ව්‍යාපාරික අංශ සඳහා වැඩි අවස්ථාවන් විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය සහ උස්බෙකිස්තානය අතර සබඳතා ඇති කර ගැනීමේ වැදගත්කම පාර්ශ්ව විසින් අවධාරණය කරන ලදී.
සියලුම රැස්වීම් ඉතා අන්තර්ක්‍රියාකාරී හා ඵලදායී ආකාරයකින් පවත්වන ලද අතර, දෙරට අතර පවත්නා සබඳතා තීව්‍ර කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීමට උස්බෙකිස්තාන පාර්ශ්වය කැමැත්ත පළ කළේය.
මෙම සංචාරයේ දී තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා සමඟ දූත මණ්ඩලයේ පළමු ලේකම් නිරෝෂා හේරත් මහත්මිය සහ සහ තානාපතිවරයාගේ පෞද්ගලික සහායක ඔලෙස්යා රොමානෝවා මහත්මිය එක්වූහ.