ඔහු මේ බව පැවසුවේ, අද දින (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.පළමු එන්නත් මාත්‍රා අප රටට ලබාදෙන අවස්ථාවේ දී එන්නත් නිෂ්පාදනය කළ ඉන්දියානු සමාගමේ සහ ඉන්දියාවේ තත්ත්වය අදට වඩා බෙහෙවින් වෙනස් මට්ටමක පැවති බවත්, දෙවන මාත්‍රාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණය අප රටට ලබාදීමට ඔවුන් පොරොන්දු වී සිටි බවත් සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, දැනට 345,000ක එන්නත් ප්‍රමාණයක් අප රට සතුව පවතින බවයි.
ඊට අමතරව කොවිෂීල්ඩ් ඒන්නත ලබාදී අතිරික්තයක් ඇති සමහර රටවල් කිහිපයක් වාර්තා වී ඇති අතර ක්ෂණික මිලදීගැනීමක් වශයෙන් ඒම අතිරික්ත එන්නත් ප්‍රමාණය අප රටට මිලදීගැනීමේ හැකියාවක් පවතීද යන්න පිළිබදව ඒම රටවල් සමග සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසුවේය.
මෙම එන්නත් හිගය ලෝක තත්ත්වයක් බවට පරිවර්තනය වී ඇති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබදව අවධානය යොමු කරමින් පළමු මාත්‍රාව ඒක වර්ගයකින් සහ දෙවන මාත්‍රාව තවත් වර්ගයකින් ලබාගත හැකිද යන්න පිළිබදව පරීක්ෂණ සිදුකරන බවද කියා සිටියේය.
මෙම තත්ත්වයන් දෙක පිළිබදව පසු විපරමක් සිදුකරන බවද ඒම වර්ධනය වන තත්ත්වයන් සමග මෙම ගැටලුව සදහා කිසියම් පිළියමක් ලබාගැනීමට හැකිවෙතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.