අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය අංශවලින් හා ආරක්ෂක අංශවලින් ලැබෙන සහයෝග වගේම ජනතාවගෙන් ද මෙයට සහයෝග අවශ්‍ය බවය. මෙම තෙවැනි කොවිඩ් රැල්ල, මඟින් ආසාදනය වන ආසාදිත රෝගින්ට සංකූලතාවය වෙනදට වඩා ඇති කරමින් අලුත් තත්ත්වයක් නිර්මාණය වන බව ද අමාත්‍යවරයා කීය.
එසේම 1906 යන විශේෂිත දුරකතන අංකයක් හඳුන්වා දීම මඟින්, PCR පරික්ෂණය මගින් රෝගය හඳුනාගෙන වි මේ වන විට නිවෙස් තුළ රැඳි සිටින රෝගීන් වහාම රෝහල් කරා ගෙන යාමේ වැඩ පිළිවෙළක් මේ වන විට ආරම්භ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එසේම ඉන්දියාවෙන් ලබා දුන් එන්නතේ මාත්‍රා 3,45,000 ක ප්‍රමාණයක් රජය සතුව තිබෙන බවත් මේ වන විට ඉන්දියාවේ ඇතිවි තිබෙන අර්බුදය හමුවේ මෙම එන්නත ලබා ගත් වෙනත් රටවල මෙම එන්නතේ අතිරික්තව තිබෙන රටවලින් මෙම එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත්,අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මෙහි දී අදහස් දැක් වු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, මෙම මිල දී ගැනිම සම්බන්ධයෙන් රජයට මුදල් පවතින බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්ය.මේ වන විට රුසියාවෙන් ගෙන් වන ලද ස්පුට්නික් එන්නත සඳහා සියලු මුදල් ගෙවා ඇති බවත් ඉදිරි දින වලදී එම එන්නත ද භාවිතයට ගැනීමට හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.