ඒ මහතා මේ බව කියා සිටියේ, මාධ්‍යව්දියෙකු විසින් රුසියාවෙන් නිෂ්පාදිත එන්නත මෙරටට රැගෙන ඒම සහ ඉන් 15,000 ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති අතර, ගෙන්වා ඇති ප්‍රමාණය ලබා දෙන්නේ කුමන කාලයකින් ද යන්න පිළිබඳවත් මෙහි දී අමාත්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.
ඒ අනුව, ප්‍රථමයෙන් රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මිලියන 13.5 ක් මෙරටට ලැබීමට නියමිතව තිබෙන බවත්, ඉන් පසුව සෑම සිකුරාදාවක ම ලක්ෂයක ප්‍රමාණයක් ලැබීම බලාපොරොත්තු වන බවත් සඳහන් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, එම එන්නත සම්බන්ධව සඳහන් කිරීමේ දී එම එන්නතේ ජීව කාලය මාස හයක් වන හෙයින් එය සැළසුම් කරගත යුතු වන බවත් මෙහි දී සඳහන් කර සිටියේය.
කෙසේ වුවද, රුසියාවෙන් ලැබීමට නියමිත ස්පුටිනික් එන්නත ඒ ආකාරයෙන් ලැබීම සඳහා ඊට අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.