ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙරට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ කාල සිමාව අඩු කිරීමේ ව්‍යායාමයක් ලෙස දෙසැම්බර් මාසයේ පවත්වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ
පැවැත්වීමටත්, අගෝස්තු මස පවත්වන අ.පොස. උසස් පෙළ විභාගය ජනවාරි මස පැවැත්වීමටත් කටයුතු කිරීමට අදාළ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ අනුව, දළ වශයෙන් මාස 11 ක කාලයක් ඉතිරි වන බව ද, ඊට අමතරව නැවත ප්‍රතිඵල සංශෝධනය සඳහා ගත වෙන මාස තුන හතරක කාලය ද ඉවත් කිරීමට තීන්දු කර ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.
මෙමඟින් මාස 14 ක හෝ මාස 16 ක කාලයක් ඉතිරි වන බැවින් සිසුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වන අවුරුදු 19 හෝ අවුරුදු 20 කාල සිමාව අවුරුදු 17 හෝ අවුරුදු 18 අතරට ගැනීමට හැකි වන බව ද මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.