එම යෝජනා දෙක සදහා ජනාධිපතිතුමාගේ පූර්ණ එකගතාවය හිමිවී ඇත.
1990 සුවසැරිය ගිලන් රථ සේවය සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය පවතින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේයි.
1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේවන විට දිනකට 5300කට අධික දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන අතර දිනකට 1000කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට දායකවේ. සුවසැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය 1394ක් සිටින අතර ගිලන් රථ 297කින් යුක්තය.
මේ සදහා අලුතින් ගිලන් රථ 112ක් පමණ අවශ්‍යව ඇති අතර ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි සේවය සපයනු ලබයි. සුවසැරිය ගිලන් රථ සේවය ඩොලර් මිලියන 22ක ඉන්දියානු ආධාර මත ආරම්භ කළ ව්‍යාපෘතියක් වන මෙය ජනතාවට නොමිලේ සේවාව සපයනු ලබන අතර අදවන විට සම්පූර්ණයෙන්ම රජයේ මුදලින් නඩත්තු වන ආයතනයකි.
රු.2000ක් වූ වැඩිහිටි මාසික දීමනාව සදහා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 238640 දෙනෙකු වන අතර ඒ වෙනුවෙන් රු. මිලියන 5727.36 ක මුදලක් වෙන්කිරිමට යෝජිතය. සුවසැරිය සදහා අලුතින් ගිලන් රථ ලබාගැනීම සදහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.