මෙහිදී අභිනව ලේකම්වරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල් ,හෙක්ටර් අප්පුහාමි සහ රවුෆ් හකීම් යන මහත්වරුද තේරි පත්විය.මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතාද තේරි පත්විය.
මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ හදවත්වලට ඉතා සමීප රටක් ලෙස ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සවිමත් මිත්‍රත්වයක් ඇති බවයි.ශ්‍රී ලාංකිකයන් 1,70,000 ආසන්න පිරිසක් ඔස්ට්‍රේලියාවේ මේවන විට සේවය කරන බවත් පැවසූ කථානායකවරයා ශ්‍රී ලාංකික සිසු දරුවන් 12,000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට අධ්‍යාපනය ලබන බවත් පැවසීය.
මේ සියලුදෙනා වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ලබා දෙන රැකවරණයට ඔස්ට්‍රේලියානු රජයට සිය කෘතතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවද අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.