පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත් මහතා සහ ඩී.වී චානක මහතා ඇතුළු මැති ඇමතිවරුන් විසින් අතිගරු ජනාධිපතිතුමන්ව ගෞරවයෙන් පිළිගන්නා ලදි.
ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ මැති ඇමතිවරුන් පෙරටු කරගෙන පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පිවිසි එතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ සභා ගර්භයෙහි අසුන් ගත්තේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙහි අසුන්ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තුව අමතමින් සිටියේ වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයාය. සභා ගර්භයෙන් පිටව යාමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සිය කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි මඳ වෙලාවක් රැඳී සිටියේය.
පසුගිය අප්‍රේල් 08 වනදා ද ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදී ඔහු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රථම වරට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතීත්වය
ඉසිලුවේය. ඊට පෙර අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පසුගිය පෙබරවාරි 11 වනදා පාර්ලිමේන්තුවට පැමිණි අතර එදින ද ඔහු සභා ගර්භයට පිවිස පාර්ලිමේන්තු රැස්වීම්වලට ද
විය.