පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල, මත්තල, ලුණුගම්වෙහෙර සහ බෙලිඅත්ත නවීන නගර ලෙස සංවර්ධනට

    මැයි 06, 2021

    කුරුණෑගල, මත්තල, ලුණුගම්වෙහෙර සහ බෙලිඅත්ත නගර අංග සම්පූර්ණ නවීන නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී (05) පෙරවරුවේ පැවැත්විණි.

    මෙම නගර නවීන නගර ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අමාත්‍යංශ නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

    නවීන වෙළඳ සංකිර්ණයක්, සියලු පහසුකම් සහිත තොග වෙළෙඳපොළ සහ සති පොළ, රථවාහන අංගනයක්, නගර උද්‍යාන, නව බස් නැවතුම්පොළ, බහුකාර්ය ගොඩනැගිල්ලක් මෙන්ම මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයකින් සමන්විතව බෙලිඅත්ත නගරය සංවර්ධනය කෙරෙන ආකාරය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නිලධාරින් විසින් මෙහි දී පැහැදිලි කරන ලදි.

    ද්විත්ව මන්තීරු සහිත මාර්ග පද්ධතිය, පිටත සහ ඇතුළත වටරවුම් මාර්ගය මෙන්ම මන්තීරු හතරකින් යුතුව මාර්ග පද්ධතිය ඉදිකිරීම පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.

    මත්තල ගුවන්තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් වෙළෙඳ, කර්මාන්ත, නේවාසික පහසුකම්, සංචාරක, සෞඛ්‍ය පහසුකම් මෙන්ම කෘෂි ප්‍රවර්ධන කලාප ඇතිකිරීම සහ මත්තල-ලුණුගම්වෙහෙර ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහි දී අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළේය.

    කුරුණෑගල නගරය නවීන නගරයක් ලෙස නිර්මාණය කිරීමත් ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහි දී අග්‍රාමාත්‍යතුමා විමසා සිටියේය. ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති රැසක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya