පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    රෝහල් ආශ්‍රිතව ඉදි කෙරෙන නව වාට්ටු සංකීර්ණ හා ගොඩනැගිලි කඩිනමින් නිම කරන ලෙසට උපදෙස්

    මැයි 07, 2021

    කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයක ඉදිකෙරෙන නව ගොඩනැගිලි ළඟදීම ජනතා අයිතියට.

    රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාව වැඩිකිරීමට අවශ්‍ය ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙසට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන කිහිපයකටම උපදෙස් ලබා දෙන ලදී.

    අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් මෙම වැඩ කටයුතු කඩිනම් කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුවිය.

    මේ යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල රෝහල) තුළ ඉදි කෙරෙන මහල් 10 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කොට එය කඩිනමින් නිම කරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් උපදෙස් දෙන ලදී.

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 743 ක් වැය කරමින් මෙම මහල් 10 කින් යුත් ගොඩනැගිල්ල ඉදිකරයි.


    ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල ශල්‍යාගාර 07 කින්, පරීක්ෂණාගාර 05 කින්, බාහිර රෝග ප්‍රතිකාර අංශ 02 කින් සහ මිලේනියම් නමින් හැදින්වෙන නේවාසික රෝහල් වාට්ටු සංකීර්ණයකින් සමන්විත වේ. රෝගීන් විශාල ප්‍රමාණයකට මෙහි දී නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සකස් කරමින් සිටී.

    ඉදිකිරීම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ එකම අරමුණ මෙම පහසුකම් ඉතා කඩිනමින් ජනතාවට ලබාදිය යුතුය යන්නයි.

    “මෙය කඩිනම් කළ යුතුයි. රෝහල් වැඩිදියුණු කිරීම මඟින් කොවිඩ් පාලනය කළ හැකියි. එය සුවිශේෂී සංවර්ධනයක්. මේ මොහොතේ රටට අවශ්‍ය දෙයක්. දැන් තියෙන තත්ත්වය යටතේ
    කොවිඩ් - 19 අවදානම එවිට පාලනය කළ හැකියි. අවදානම් තත්වය තුළම අවදානමෙන් මිදී කටයුතු කිරීමට පුරුදු පුහුණු විය යුතුයි. ඒ සඳහා හැමවිටම සෞඛ්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය
    කළ යුතුයි.” යනුවෙන් ද ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මේ වන විට රෝගින් වාර්තා වීම සහ සුවය ලැබීම යන දෙඅංශයෙන් ශ්‍රී ලංකාව තවමත් යහපත් තත්වයක පවතින නිසා එය පාලනය කළ හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට රජය අදාළ ආයතන වෙත දැනුම් දී තිබේ. ඒ යටතේ දැනට රෝහල් රැසක ඉදිකෙරෙමින් පවතින නව වාට්ටු හා නව ගොඩනැගිලි සංකීර්ණ කඩිනමින් ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙසට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ ඉදිකිරීම් ආයතන වෙත උපදෙස් ලබා දෙන ලදී.

    ඉතා නුදුරේදීම ජනතා අයිතියට පත්කෙරෙන මෙම සියලු ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු
    සංස්ථාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරයි. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya