පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ඉදිකිරීම් කර්මාන්ත පාර්ශවකරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

    මැයි 07, 2021

    “ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඉදිකිරීම් කර්මාන්තයේ සහයෝගීතාවය” යන තේමාව යටතේ වෙබිනාර් සාකච්ඡාවක් පැවැත්විණ.

    මෙම වෙබිනාර් සාකච්ඡාවට නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හා නේපාලයේ නේපාලයේ කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය, නේපාල ඉංජිනේරුවන්ගේ සංගමය සහ වාස්තු විද්‍යා හා ඉංජිනේරු සමාගම් උපදේශන සංගමය (SCAEF) යන ආයතනවල නියෝජිතයින් සම්බන්ධ වී සිටියහ.

    සිය ආරම්භක දේශනයේ දී, අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සුරේෂ් ද මැල් මහතා ඉදිකිරීම් කර්මාන්තයේ හවුල් ව්‍යාපාර සඳහා වැදගත් වෙළඳපොළක් ලෙස නේපාලය විස්තර කළ අතර, ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන පරිදි ශ්‍රී ලංකා කර්මාන්තයේ ශක්තීන් සහ හැකියාවන් විදහා දැක්වීය. හරිත ඉදිකිරීම්, නාගරික යටිතල පහසුකම්, පාංශු හා භූ විද්‍යාව, ජල විදුලිය සහ අඩු වියදම් නිවාස පිළිබඳ ශ්‍රී ලංකාව විසින් දක්වන ලද විශේෂඥ දැනුම පිළිබඳව ඔහු විශේෂයෙන් සඳහන් කළේය.

    නේපාලයේ කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය, නේපාල ඉංජිනේරුවන්ගේ සංගමය සහ වාස්තු විද්‍යා හා ඉංජිනේරු සමාගම් උපදේශන සංගමය (SCAEF) නේපාල කර්මාන්තය වෙනුවෙන් අදහස් දැක්වුහ. මාර්ග හා ප්‍රවාහන සංවර්ධනය, මහාමාර්ග හා දුම්රිය මාර්ග, ජලය හා සනීපාරක්ෂාව ඇතුළු භෞතික යටිතල පහසුකම් සහ ස්මාර්ට් සිටි ව්‍යාපෘති පිළිබඳ ආයෝජන අවස්ථා විස්තර කරමින්, නේපාල වෙළඳපොළ පිළිබඳ දළ විශ්ලේෂණයක් ඔවුන් විසින් සපයන ලදී.

    ශ්‍රී ලංකාවේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (MCSL), කුඩා ජල විදුලිබල සංවර්ධකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතන මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම්ක ර්මාන්ත මණ්ඩලය විසින් නියෝජනය කරන ලදී. ජාත්‍යන්තර ව්‍යාපෘතිවල ශ්‍රී ලංකා සමාගම්වල ජයග්‍රහණ සහ සාර්ථකත්වයන් සහ ශ්‍රී ලාංකික සමාගම් අප්‍රිකාව සහ ආසියාව වෙත ළඟා වී ඇති ආකාරය ඔවුන් විසින් ඉස්මතු කරන ලදී.

    සබඳතා ශක්තිමත් කිරීමට, හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට සහ ව්‍යාපාර හා තාක්ෂණික සහයෝගීතා සහ හවුල් ව්‍යාපාර ගවේෂණය කිරීම සඳහා පවතින අවස්ථාව දෙපාර්ශ්වයම පිළිගත්තේය.

    දෙරටේ කර්මාන්ත සංගම්, වෘත්තීය සංවිධාන සහ ඉදිකිරීම් සමාගම් නියෝජනය කරමින් 100 දෙනෙක් පමණ මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා සහභාගී වූහ. අනාගත සහයෝගීතාවයන් පිළිබඳ සංවාදය දිගටම පවත්වාගෙන යාම සඳහා සාමූහික හා පුද්ගල සම්බන්ධතා ඇති කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වීමෙන් අනතුරුව සාකච්ඡාව අවසන් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya