ඒ, ශ්‍රී ලංකා ඉන්දුනීසියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීම සදහා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ විශේෂ රැස්වීමේදීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ටි ආදියාසා මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල් ,අරවින්ද් කුමාර් සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්වරු ද තේරි පත්විය.මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මහතාද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා මහත්මිය ද තේරි පත්විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම් රැසක් පවතින බව මෙහිදී අදහස් දක්වමින් කථානායකවරයා ප්‍රකාශ කළේය. එමඟින් ආර්ථික සහයෝගීතාව, ආයෝජන ප්‍රවර්ධනය, උසස් අධ්‍යාපනය, පර්යේෂණ හා තාක්ෂණය වැනි පුළුල් පරාසයන් ආවරණය කරන බවත් මෙම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මගින් එම සබදතා තවදුරටත් වර්ධනය කරගත හැකි බවත් කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සබඳතා සදහා දිගු ඉතිහාසයක් ඇති බවත් කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. “ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් ටික කලකට පසු ඉන්දුනීසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත්තා. ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ පියා වන ඒ. ඊ. ගුණසිංහ මහතා ඉන්දුනීසියාවේ පළමු තානාපති ලෙස සේවය කළා” යැයිද කථානායකවරයා පැවසීය.