දැනට තියෙන රට, ජනතා කේන්ද්‍රීය දේශපාලන ඉතිහාසය, සෞභාග්‍යයේ දැක්මට මුල්වූ දස ප්‍රතිපදා සහ ඉදිරිමග යන මාතෘකා ඔස්සේ මෙම ප්‍රකාශනය මගින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කරුණු ඉදිරිපත් කර ඇත.
යහපාලන ආණ්ඩුව සමයේදී සිදුවූ දේශීය ආර්ථිකය කඩා වැටීමට මුල්වූ කරුණු, අපනයන ආර්ථිකය බිද වැටීමට මුල්වූ සිදුවීම්, රටේ මූල්‍ය පද්ධතිය බිද වැටීමට හේතු වූ කරුණු, දේශීය ව්‍යාපාර කඩා වැටීම, බඩු මිල ඉහළයාම, විරැකියාව සහ දුගී බව ඉහළ යාම පිළිබඳව කරුණු ද මෙහි අන්තර්ගතය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා ඇතුළු පක්ෂයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.