අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “අද දින වැඩකටයුතු ආරම්භ කළ රුවන්පුර අදිවේගි මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඓතිහාසිකව ඉතා වැදගත් කටයුත්තක්. මෙම අදිවේගී මාර්ගය ඉදිවීමත් සමග රත්නපුර සිට ගාල්ල, මාතර, කටුනායක ගුවන්තොටපල වෙත යාමට ඉතා කෙටි කාලයක් පමණයි වැය වෙන්නේ. කෘෂි ආර්ථිකයක් පවතින රත්නපුර දිස්තික්කයේ ජනතාවට ආර්ථික ප්‍රබෝධයක් ඇති කර ගැනීමට විශාල රුකුළක් වෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක් සිද්ධවෙන, විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිවන කටයුත්තක්. මේ සදහා කැප වූ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුලු සියළු දෙනාට මේ අවස්ථාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන ස්තූතිය පුද කරනවා.”