(06) දින අරලියගහ මදිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒමහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව දිස්ත්‍රික්ක 13ක් (කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, පුත්තලම හා කුරුණෑගල) තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසුවේය.
මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ආණ්ඩුකාරවරුන්ගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය මත මෙම වැඩපිළිවෙල සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ඇඳන් දසදහසට අමතරව දිස්ත්‍රික් මට්ටමින් අමතර ප්‍රතිකාර ස්ථාන හඳුනාගෙන ඒවාට අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ සැපයීමේ වගකීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ සභාපතිවරුන්ට පවරන ලදි.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තරුණ සංවිධාන සම්බන්ධ කරගනිමින් මෙම මෙහෙයුම දියත් කිරීමට අවශ්‍ය නායකත්වය ලබාදීමට භාරගන්නා ලදි.
මේ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු පෙරමුණ විසින් රෝහල් වල පවතින තාක්ෂණික අඩුපාඩු සකස් කරදිම සඳහා ස්වේච්ඡා වැඩපිළිවෙලක් දියත් කරන බවද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
රාජ්‍ය අවශ්‍යතාව ඉටු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දායකත්වය ලබාදීම ප්‍රමුඛ අරමුණ බවද ඒ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ,ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ඇතුළු රජයේ නිලධාරින් රැසක් සහභාගී වූහ.