රුසියාව, ආ ආර්මේනියාව, බෙලාරූස්, මෝල්ඩෝවා, හා උස්බෙකිස්ථානය යන රටවල් හා ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා අධ්‍යාපනික යනාදී දෙරටටම වැදගත් වන අන්නෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා තානාපතිවරයාගේ අවධානය යොමු කළේය.
කොවිඩි-19 වසංගතයත් සමඟ අඩපණ වී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි පණ ගැන්වීම සඳහා විදෙස් රටවල ආයෝජන සහයෝගීතාව නංවා ගැනීමට විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා රජය නියෝජනය කරන තානාපතිවරු සියලු දෙනා ඒ ඒ රටවල් සමඟ සුහදව හා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදී කරුණු දැක්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහචාර්ය එම්.ඩි. ලමාවංශ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය නිසා රුසියාව ඇතුළු බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කීරිමට කැමත්තක් දක්වන බවය. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ බොහෝ සංවර්ධන හා සේවා කටයුතු සඳහා රුසියාව ඇතුළු ඊට සම්බන්ධ රටවල සහයෝගය ලබා දීමට එකඟතා ඇති වී තිබෙන බවද තානපතිවරයා සඳහන් කළේය.