මෙම මෙහෙයුම්වලදී මුහුණු ආවරණ නොපැළදීම, දුරස්ථභාවය නොපවත්වාගැනීම ආදී නිරෝධානයන රීති කඩ කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනේ.
පසුගිය පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617ක් අත් අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එක් දිනක වැඩිම පිරිසක් අත් අඩංගුවට ගත් දිනය ඊයේ (07) දින බවත් පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා පුද්ගලයින් 6539ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය