තමිල්නාඩු නව ධීවර අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් රාධා ක්‍රිෂ්ණන් මහතාට සුභ පැතීම සඳහා මෙරට ධීවර අමාත්‍ය ඩග්ලස් දෙවානන්ද මහතා දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ පැවසූ බව ධීවර අමාත්‍යංශය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරයි.
තමිල්නාඩු නව ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ දෙරට අතර පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන් ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම සඳහා තමා ඇතුළු තමිල්නාඩුවේ නව ආණ්ඩුව කළ හැකි උපරිම මැදිහත්වීම සිදුකරන බවයි.