ධීවර අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියේ මේ බව පැවසුවේ ඉකුත්දා වව්නියාවේ පැවති මාධ්‍ය හමුවකදිය.
අප රට පමණක් නොව කොරෝනා උවදුර පවතින අනිකුත් රටවල්ද මේ වන විට වසා දමා නොමැති අතර එසේ රටවල් වසා දැමීම සිදුවුවහොත් ජනතාවට කුසගින්නේ මියයෑමට පවා සිදුවන්නට හැකි බවත්, ආරක්ෂක අංශ නිරන්තරයෙන්ම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වනවාද යන්න සොයා බැලිම සිදු කරන බවත්, සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සිටියහොත් කොරෝනා ව්‍යාප්තිය මැඬලිය හැකි බවත්, අමාත්‍යවරයා එහිදී පැවසීය.
ලංකාව තුළ පළමු හා දෙවන රැල්ල ඉතා සාර්ථකව මැඩලීමට රජයට හැකි වු බවත්, ජනතාව එය අවබෝධ කරගෙන ජීවත් නොවීමේ විපාක ලෙස තුන්වැනි රැල්ලක් නිර්මාණය වු බවත්, එය ඉතා සීග්‍රයෙන් රටතුළ පැතිරයන බවට දැනටමත් සෞඛ්‍ය අංශය මගින් නිර්දේශ ලබා දී ඇති අතර එම තත්වයට හේතුව ජනතාවගේ නොසැළකිලිමත් කම බවත් ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.