සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් මර්දන වැඩපිළිවෙල යටතේ දිවයින පුරා ඉදිකරනු ලබන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඒවායේ පහසුකම් සොයා බලන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දින (08) රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් නිරික්ෂණය කරන ලදි.
ඒ් අනුව කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් හුදෙකලා කර ඇති ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ නායකත්ව පුහුණු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය (ඇඳන් 210), ඇඹිලිපිටිය රෝහල, රක්වාන රෝහල, කහවත්ත රෝහල සහ රුවන්පුර විද්‍යා පීඨය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇති පහසුකම් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ නිරික්ෂණයට ලක් විය.
මෙහිදී ඇඹිලිපිටිය රෝහලේ දැඩ් සත්කාර (ICU) සහ හදිසි ප්‍රතිකාර (HDU) ඇඳන් ධාරිතාවය ඉහළදැමීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට තීරණය කොට තිබෙනවා. පළාත් මට්ටමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරිමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු පසුගිය (07) දින පත්කරමින් මම ඔවුන්ට උපදෙස් ලබාදුන්නා සියළුම පළාත් වලට ගොස් එම වැඩපිළිවෙල නිරික්ෂණය කොට අවශ්‍ය පහසුකම් සැපයීමට කඩිනමින් පියවර ගන්නා ලෙස”
“මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 105 ක් ස්ථාපිත කොට තිබෙනවා. එම මධ්‍යස්ථානවල ගිලන් ඇඳන් 19,000 කට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් සදහා වෙන්කර තිබෙනවා. මීට අමතරව යුධ හමුදාව විසින් සීදූව ප්‍රදේශයේ ඇඳන් 1500 ක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ බූස්ස ප්‍රදේශයේ එවැනිම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේ වනවිටත් සූදානම් කරමින් පවතිනවා.”
මෙම නිරික්ෂණ චාරිකාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.