කොවිඩ් වසංගතයෙන් පීඩිත ලෝවාසී ජනතාවට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සංවිධානය කරන ලද සර්වාගමික විශ්ව ආශිර්වාද හෝරාව නිමිති කර කැලණිය, ගල්බොරැල්ල ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේදී පැවති රතන සූත්‍ර සජ්ජායනා කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කර සිටියේය.
මාරාන්තික කොවිඩ් රෝගයෙන් පීඩාවට පත් ලෝවාසී ජනතාවගේ නිරෝගී සුවය උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් සාර්ථක ප්‍රතිකාර විමසා බැලීම සදහා අප අමාත්‍යංශය මගින් මේ වන විට කොවිඩ් මර්දනය පිළිබද දේශීය වෛද්‍ය ජාතික කමිටුවක් පිහිටුවා තිබෙනවා. ඒම කමිටුව මගින් ප්‍රතිශක්ති වර්ධක පානයන් ලෙස සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය, ගුඩුර්ච්‍යාදී චූර්ණය හදුන්වා දීමට කටයුතු කළා. ඒ් වගේම මේ රෝගය බහුලව ව්‍යාප්තව පවතින ප්‍රදේශ වෙත ඒම ඖෂධ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් අප ආරම්භ කර තිබෙනවා.
පසුගිය සමය තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මෙන්ම සියලුම ආයුර්වේද රෝහල්හි පිහිටි නිෂ්පාදනාගාර භාවිතා කරමින් මෙම ඖෂධ නිෂ්පාදනය කරමින් නිරෝධායන මධ්‍යස්ථාන, අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු සෞඛ්‍ය, ආරක්ෂක, බන්ධනාගාර වැනි සේවාවන් සදහා ලබාදීමට කටයුතු කළා. ඒමෙන්ම ඒම ඖෂධ ජනතාවට සහනදායී මිලට පහසුවෙන් මිලදී ගැනීම සදහා පිළිගත් පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගම් 43ක් සම්බන්ධ කරගනිමින් ගුණාත්මක සුවධරණී ඖෂධ සුලභ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා යැයි ප්‍රකාශ කර සිටියේය.
ඒමෙන්ම අතීතයේ සිට අප භාවිතා කරන ලද පාරම්පරික ප්‍රතිශක්ති වර්ධක පානයන් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, දේශීය වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි විශ්වාසය තබාගනිමින් කටයුතු කර නිරෝගී සුව අත් කරගන්නා ලෙස ඒ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය