ඔහු මේ බව පැවසුවේ අද දින (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වෛරසයට උස් පහත් හෝ බලවත් දුබල වශයෙන් භේදයක් නොමැති අතර සමාජයේ ඕනෑම අයෙකු මෙයට ගොදුරු විය හැකි අතර ලෝකයේ බලවතුන් පවා මෙම වෛරසයට ගොදුරු වුණ බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, කවුරුන් විසින් හෝ නිරෝධායන නීති කඩ කළහොත් අදාළ පොලීසිය හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු අතරම ජනතාවටද එයට එරෙහි විය හැකි බවයි.
කිසියම් කෙනෙකු මුව වැසුම් නොපළදිමින් නිසි සමාජ දුරස්ථභාවය තබා නොගනිමින් පොරකමින් මෙන්ම තහනම් කළ උත්සව අවස්ථා ආදිය පවත්වමින් නිරෝධායන නීති කඩකරමින් ක්‍රියා කරන්නේ නම් එය ජාතික ව්‍යසනයක් වන අතර ඒහිදී පොලීසිය නොමැතිව වුවද ජනතාවට සමාජ පීඩනයක් මෙහිදී එල්ල කළ හැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.
පොලීසිය සහ සෞඛ්‍ය අංශ මෙම මොහොතේ විශේෂයෙන් දැඩි ලෙස කාර්යය බහුල බවද ඔවුන් දිවා රෑ නොබලා නොනිදා වැඩ කරන බවද කියා සිටි අමාත්‍යවරයා එවැනි නිරෝධායන නීති කඩ වන අවස්ථාවක දී ජනතාවට සමාජ පීඩනයක් ඒල්ල කළ හැකි බව පැවසුවේය.
ඒනම් අසල්වැසියා අතින් වරදක් වුවහොත් ඔහුට කාරුණිකව පහදා දෙමින් තමන්ගේ විරෝධතාවය සාමකාමීව නගන ලෙස ඔහු පැවසුවේය.
ඒ් හරහා මෙය සියලුදෙනා මෙම නීති රීති වලට අනුගත වෙමින් ඒකිනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින සංස්කෘතියක් ගොඩනගා ගැනීමට අපි හැමෝම සාමුහික උත්සාහයක් දැරිය යුතු අවස්ථාවක් බවද ඔහු අවධාරණය කළේය.